හොරණ කුඹුකදී වෙඩි තැබීමක්

164


හොරණ කුඹුක ප්‍රදේශයේ අද(16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පොකුණුවිට සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය පසුපසින් යතුරුපැදියකින් හඹා ගොස් කුඹුක ප්‍රදේශයේ වෙල්යායක් අසල දී නවතා වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

වෙඩිවැදීමට ලක්ව ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment