හොරන් ගෙනා කහ තොගයක් අල්ලයි

62


ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙනවිත් තිබූ වියළි කහ කහ කිලෝ ග්‍රෑම් 1500 ක තොගයක් පුනරීන් වලෙයිපාඩු මුහුදුු තීරයේදී යුද හමුදා බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්ය බළාකය එක්ව සිදු කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශාල මළු 36 ක අසුරා තිබූ මෙම වියළි කහ තොගය සමඟ 23 න් හැවිරිදි සැකකරුවකුද අත්අඩංගුවට ගෙන ඇත.
මුලතිව් ආරක්‍ෂක සෙනා මූලස්ථානය යටතේපාලනය වන 66 වැනි සේනාංකයේ භට පිරිසක් සහ විශේෂ, කාර්ය බළාකාය මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් කහ තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ජෙයපුරම් පොලිසියට භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment