හොරු අල්ලන්න අනුර එන්න!

594

ජාතික එකඟතා ආණ්ඩුවට ආරාධනා කරන බව ජයන්ත සමරවීර කියයි

චෝදනා රැගත් ලිපිගොනුත් අරන් ජාතික එකඟතා ආණ්ඩුවේ ජාතික සභාවට එන්න, ඇවිත් හොරු ඇල්ලීමේ වගකීම භාරගන්න කියා අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කරනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන සංවිධායක, හිටපු රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා පැවසීය.

“ඔවුන් මේ ෆයිල් මිටි ගණන් 2015 ජනාධිපතිවරණයට පෙර රට හමුවේ තැබුවා. යහපාලන ආණ්ඩුවේ ජාතික විධායක සභාවට පත් වුණු අනුර දිසානායක මහත්තයා, දූෂණ විරෝධී ලේකම් කාර්යාලයක් පිහිටුවා ගෙන, අලුතෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයක් හදාගෙන අවුරුදු 5ක් තිස්සේ හොරු අල්ලන්න හැදුවත් අල්ලපු හොරෙක් නැහැනේ… යැයි ද සමරවීර මහතා කියා සිටියේය.

අපි ඔහුට ඇරයුම් කරනවා, ‘ඒ චෝදනා රැගත් ලිපිගොනුත් අරන් ජාතික එකඟතා ආණ්ඩුවේ ජාතික සභාවට එන්න. ඇවිත් හොරු ඇල්ලීමේ වගකීම බාරගන්න’ කියා. මොකද, දේශපාලනතන්ත්‍රය හා රාජ්‍ය නිලධාරිතන්ත්‍රය පවිත්‍රකරණයට අදාළ යෝජනා ද සහිතවයි අපේ මේ ජාතික එකඟතා වැඩපිළිවෙළ සකස්ව ඇත්තේ යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment