හොරෙන් ගෙන්වූ සුපිරි  වාහන රේගුවේ දිරයි – වටිනාකම ජනතාවට ලබාදෙනවා

277

– මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියයි

නීති විරෝධී ආකාරයෙන් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රේගු භාරයට පත් කර ඇති රථ වාහනවල වටිනාකම ජනතාවට හිමි කරදීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට ආර්ථික අර්බුදයක ඇති තත්ත්වයක් තුළ අධික වටිනාකමකින් යුතු රථ වාහන මෙලෙස දිරාපත්ව යෑම අපරාධයක් බවයි.

සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා රේගුවට අයත් ීදමඑය ්ිස් ඛදටසිඑසජි ඔැරපසබ්ක ඊයේ (10 දා) නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

2015 වසරේ සිට මේ දක්වා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද රථවාහන 446 ක් මෙම අංගනයේ ගාල් කර තිබේ. රථ වාහනවලින් 90% කට අධික ප්‍රමාණයක් නීති විරෝධී ලෙස එකලස් කළ ඒවා බව එහිදී අනාවරණය විය. අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වාහනවල වටිනාකම කඩිනම් ක්‍රමවේදයක් ඔස්සේ ජනතාවට ලබාදිය හැකි වැඩපිළිවෙළක් සකස් කරන බවයි. ඒ සඳහා පවතින නීති රීති ප්‍රමාණවත් නොවේ නම් නීති සම්පාදනය කර හෝ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී සියඹලාපිටිය අමාත්‍යවරයා හමර් රථයක් සම්බන්ධයෙන් කළ අනාවරණය පිළිබඳව මාධ්‍යවේදීහු මෙම අවස්ථාවේදී ප්‍රශ්න කළහ. ජනතාව දැඩි ආර්ථික පීඩනයකින් කල් ගෙවන මෙවන් අවස්ථාවක නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක කළ හමර් රථය සැක කටයුතු ලෙස එම ආනයනකරු වෙතම වෙන්දේසියේදී ලබාදීම සම්බන්ධයෙන් මතු වූ සැකය මත අදාළ වාර්තාව කැඳවා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. නීත්‍යානුකූලභාවය සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් මෙවැනි අවස්ථාවක කටයුතු කිරීම සියලු පාර්ශ්වවල වගකීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා උපක්‍රමශීලී ජාවාරම් මැඬලීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. සී. නෝනිස් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment