හොරෙන් ගෙනා කෝටි 22ක රන් කිලෝ 16ක් අත්අඩංගුවට

195

ශ‍්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 22ක් පමණ වටිනා රත‍්‍රන් කිලෝ 16ක් ඊයේ (27දා* පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

හොරෙන් ගෙනා කෝටි 22ක  රන් කිලෝ 16ක් අත්අඩංගුවට

ව්‍යාජ ව්‍යාපාර නාම භාවිත කරමින් ගුවන් බඩු අංශයේ බෙදාහැරීම් ආයතන හරහා එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා කෝපි සාදන යන්ත‍්‍රවල කොටස් ගෙන්වන ලෙස රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම රත‍්‍රන් තොගය ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු* සුදත්ත සිල්වා මහතා පැවසීය.

හොරෙන් ගෙනා කෝටි 22ක  රන් කිලෝ 16ක් අත්අඩංගුවට

මෙරටට ආනයනය කරන ලද පාර්සල් කීපයක් තුළ ඉතා සූක්‍ෂම ලෙස සඟවා භාණ්ඩවල අභ්‍යන්තරයේ අඩංගු තාක්ෂණික කොටස් රත්තරන් වලින් නිර්මාණය කොට එහි සවි කොට රේගුව නොමග යැවීමට උත්සාහ කොට තිබියදී රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරීභාවය නිසා එම උත්සාහය වැළැක්වීමට හැකිවූ බවත් සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.

මෙම නීති විරෝධී ආනයනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන බවත් ඒ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව තුළට ආනයනය කරනු ලබන සැක කටයුතු භාණ්ඩ සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් නිරතුරුව අවධානයෙන් සිටින හෙයින් මෑත කාලයේදී විශාල ප‍්‍රමාණයේ මත්ද්‍රව්‍ය හා අනෙකුත් තහනම් භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment