හොරෙන් ගෙනා වියළි ඉඟුරු ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

129


කොල්ලූ ආනයනය කරන බව පවසමින් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී මේ වනවිට ආනයනය සීමාකර ඇති රුපියල් ලක්ෂ 64කට අධික වටිනාකමින් යුත් වියළි ඉඟුරු ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

එහි තිබී කොල්ලු කිලෝග්‍රෑම් 18,000ක්ල වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 2,474 ක් උඳු කිලෝග්‍රෑම් 2,465 ක් සහ තල් සූකිරි කිලෝග්‍රෑම් 248 ක් සොයාගෙන තිබේ.

අදාළ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් 6,417,467ක් බවට තක්සේරු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment