හොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී හදිසියේම ඩුබායි ගොස් එයි – රේගුවෙන් දැඩි පරීක්‍ෂාවක්

250

රුපියල් කෝටි 8 කට අධික වටිනාකමෙන් යුත් රත්‍රං සහ ජංගම දුරකථන සමඟ අත්අඩංගුවට පත්වූ දඩ මුදල් ගෙවීමෙන් පසු නිදහස ලැබූ අලි සබි්‍ර රහීම් මන්ත්‍රීවරයා නැවත ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඊයේ (28 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේ වීඅයිපී පර්යන්තය හරහා මෙරටට පැමිණ ඇත.

ඊයේ අලුයම මෙම මන්ත්‍රීවරයා දිවයිනට එද්දී ඔහු දැඩි පරීක්‍ෂාවට ලක් කිරීමට රේගු බලධාරීන් කටයුතු කළ අතර, තහනම් භාණ්ඩ කිසිවක් ඔහු සතව තිබී නැත.

එහෙත් රේගු බලධාරීන් පවසන්නේ මෙම මන්ත්‍රීවරයා ඉතාම කෙටි කාලයක් තුළ ඩුබායි රාජ්‍යය වෙත නිතර නිතර යෑම සැකයට හේතුවන බවයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment