හොර ඔප්පු හැදූ නීතිඥයාගේ ලෝගුව ගලවයි

794

නීතිඥ ලැයිස්තුවෙන් නමත් ඉවතට

දෙපාර්ශ්වයක් අතර සිදුවූ ඉඩම් ගනුදෙනුවකට අදාළ ඔප්පු සකස් කිරීමේදී නීති විරෝධී ලෙස කටයුතු කර තිබූ නීතිඥවරයකු වන ජයන්ත අත්තනායක නමැත්තා වෘත්තීය විෂමාචාර චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ඊයේ (10දා) නියෝග කළේය.

එම නීතිඥවරයාගේ නම වහාම නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කිරීමට ද විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු හා එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

ලැබුණු පැමිණිල්ලක් අනුව සාක්‍ෂි කැඳවා සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

වෛi ලක්ෂාන් ලුෂන් ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත 1999 පෙබරවාරි 24 වැනිදා දිවුරුම් ප්‍රකාශයක් කළ පැමිණිල්ලක් අනුව නීතිඥ ජයන්ත අත්තනායක හා නීතිඥ රත්නමාලි මාඉටිපේ අත්තනායකට එරෙහිව එම නඩු කටයුත්ත ආරම්භ කොට තිබූ අතර නඩු විභාගයට පෙර නීතිඥ රත්නමාලි අත්තනායක මියගොස් තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment