හොර ඩී අයි ජීගේ ගණිකා නිවස වටලා 4 ක් අල්ලයි

407

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනීසිටි අයෙකු විසින් පිළියන්දල කරදියාන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පානදුර වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය මගින් වටලා ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ප‍්‍රධාන සැකකරු වැටලීමේදී පලාගොස් ඇති අතර ඔහු දේශපාලනඥයන් සහ උසස් පොලිස් නිලධාරීන් සහභාගීවන උත්සවවලට සහභාගී වී ඔවුන් අසලම සිට ඡායාරූප ලබාගෙන ඒවා රාමුකර ගණිකා මධ්‍යස්ථානයේ බිත්තිවල එල්ලා මෙය සිදුකරගෙන ගොස් ඇතැයි හෙළි කර ගෙන තිබේ.

පොලිසිය එම ස්ථානය වටලන විට දේශපාලකයන් සහ උසස් පොලිස් නිලධාරීන් සමග ප‍්‍රධාන සැකකරු පෙනීසිටින ඡුායාරූප කිහිපයක් ඇතුළුවන ස්ථානයේ දැක ගැනීමට තබා ඇත. මෙම සැකකරු අවට ප‍්‍රදේශවාසීන්ට හා සේවකයින්ට තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බවත් මෙම ස්ථානය පොලිසියෙන් වටලන්නේ නැති බවත් ප‍්‍රකාශ කර ඇත.

වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත උපායදූතයන් යොදවා වැටලීම සිදුකරන විට ගණිකා වෘත්තියේ යෙදී සිටීමට සිටි බව කියන අවුරුදු 20 සහ 23 වයසේ තරුණියන් දෙදෙනෙකු එය පවත්වාගෙන ගිය මුදල් කළමනාකාරිනිය සහ ඇයගේ සහායිකාව අත්අඩංගුවට ගෙන ඇත. මෙම ස්ථානයේ ගණිකාවන් රුපියල් 10,000ත් 20,000ත් අතර මිලකට අලෙවි කර ඇති බවද හෙළි කරගෙන ඇත.

මෙම ස්ථානයේ ලිපිලේඛන පරික්‍ෂා කිරීමේදී කාන්තාවන් පස්දෙනකු ගණිකා වෘත්තියේ යෙදීම සඳහා සිට ඇති බව හෙළි වී ඇත. වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක සඳරුවන්, පොලිස් සැරයන් (42520) සඳරුවන්, පොලිස් කොස්තාපල්වරුන් වන (77090) බාලසූරිය (93681) ජයසේකර (39850) අශාන් (80501) තිසර (93425) ධනුෂ්ක කාන්තා පොලිස් කොස්තාපල් (11352) දිල්හාරා යන නිලධාරීන් වැටලීමට සහභාගි වී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment