හොර නෝට්‌ටු වැහිවැහැලා

1035

ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ශීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇති බැවින් මුදල් ගනුුදෙනු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 භාවිතේ ඇති රුපියල් 500, 1000 සහ 5000 යන නෝට්ටු පරිහරණය කිරීමේදී වඩාත් අවධානයෙන් සිටින ලෙසත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි. පසුගිය දින කීපය පුරාම ව්‍යාජ රුපියල් 500, 1000 සහ 5000 නෝට්ටු විශාල වශයෙන් අත්අඩංගුවට පත් වූ අතර ඒවා මුද්‍රණය කරන ස්ථාන පවා වැටලීමට පොලිසිය කටයුතු කර තිබිණි.

 සැක කටයුතු මුදල් නෝට්ටුවක් හමුවූවොත් වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිසිය වෙත පැමිණිලි කරන ලෙස ද අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දී සිටියි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment