හොර පාරෙන් ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට එමින් සිටි කත රාමේස්වරන් පොලිසියට කොටුවෙයි

274

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීති විරෝධී ලෙස උතුරේ මුලතිව් ප‍්‍රදේශය වෙත පැමිණෙමින් සිටි ශ‍්‍රී ලාංකික කාන්තාවක් ඉන්දියාවේ ධනුස්කොඩි දෙවන වැලික`දු පේලියේදී රාමේස්වරන් පොලීසිය 6 දා අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවරයින් පිරිසක් විසින් රාමේස්වරන් වෙරළාරක්ෂක පොලීසියට ලබා දෙන ලද තොරතුරක් මත එම නිලධාරීන් වැලික`දු පේලිය වෙත පැමිණ ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

කේ.කස්තුරි නමැති මෙම කාන්තාව මුලතිව් ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය 2018 වසරේදී ගුවන් මගින් ඉන්දියාවට ගොස් ඉන්දියාවේ චෙන්නායි වලසාරවාක්කම් ප‍්‍රදේශයේ ඥාති නිවසක ජීවත් වී තිබේ.

සිය පියා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා ඇය නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ධනුස්කොඩියේ වැලි ක`දු වෙත පැමිණ ඇයව රැුගෙන යාම ස`දහා මුලතිව් ප‍්‍රදේශයේ සිට පැමිණීමට නියමිත බෝට්ටුව එන තෙක් වැලික`දු වල රැ`දී සිටියදී අත්අඩංගුවට පත් වී තිබේ.

රාමේස්වරන් පොලිසිය සිද්ධිය පිළිබ`දව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment