හොර පාරෙන් යුරෝපයට රිංගූ ශ්‍රී ලාංකිකයෝ 14 ක් හිරේ

275

ශ්‍රී ලංකාවේ සිට රියුනියන් දූපත ඔස්සේ ද්‍රවිඩ ජාතිකයන් යුරෝපයට යැවීමේ ජාවාරමේ ප්‍රධානියා වූ තයාකරන් මාරකන්ද්‍ර නමැත්තා ඇතුළු ශ්‍රී ලාංකිකයන් 14 දෙනකුට ප්‍රංශ අධිකරණය වසර 3 සිට 4 දක්වා සිර දඬුවම් නියම කර ඇත.

මීගමුව – තෝප්පුව – හලාවත යන ප්‍රදේශවලින් මෙම පුද්ගලයන් විදේශගත කිරීමේ ජාවාරම ක්‍රියාත්මක කර තිබේ. තයාකරන් එක් ද්‍රවිඩයකුගෙන් ජර්මනිය, ප්‍රංශය සහ ස්විස්ටර්ලන්තයට යැවීමට රුපියල් ලක්‍ෂ 24 බැගින් ලබාගෙන ඇත.

ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 80 ක් දුරින් පිහිටි සෙරිපොන්ටේන් ගම්මානයේ සිල්ලර වෙළෙඳසලක සිට ජාවාරම මෙහෙයවා ඇති අතර එම ප්‍රදේශයෙන් නිකුත් වූ දුරකථන සංඥා ප්‍රංශ බලධාරීන්ට හසු වී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment