හොර මත්පැන් භාවිතය තුන් ගුණයකින් වැඩිවෙලා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක

159

ශී‍්‍ර ලංකාවේ හොර මත්පැන් තුන් ගුණයකින් වැඩිවෙලා යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක ප‍්‍රකාශ කරයි. ශී‍්‍ර ලංකාවේ හොර මත්පැන් හෙවත් නීති විරෝධී මත්පැන් භාවිතය

 පසුගිය කාලසීමාවේ සියයට 300 කින් ඉහළ ගොස් ඇති බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා පෙරේදා කොළඹදී පැවැති හමුවකදී ප‍්‍රකාශ කළේය.

 ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය දර්ශක පහළයෑමට ප‍්‍රධාන හේතුව නීති විරෝධී මත්පැන් භාවිතය බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව ශී‍්‍ර ලංකාවේ සමස්ත මත්පැන් පරිභෝජනයේ ඉහළයෑම සියයට 95 ක් බවත් ලොව සෙසු රටවල මත්පැන් පරිභෝජනයේ ඉහළයෑම සියයට 55 ක් බවත් ශී‍්‍ර ලංකාවේ මත්පැන් පරිභෝජනය මෙසේ ඉහළයෑම පිළිබඳව සැළකිලිමත් විය යුතු බව ද මන්තී‍්‍රවරයා සඳහන් කර සිටියේය.

 නීති විරෝධී මත්පැන් නිසා ජනතාව රෝගාබාධවලට ගොදුරුවීමේ ප‍්‍රවණතාව ඉහළ මටටමක පවතින බවද නීති විරෝධී මත්පැන් පරිභෝජනය තුළ රජයට බදු ආදායම් අහිමිව යෑම සිදුවන බව ද මන්තී‍්‍රවරයා එහිදී සඳහන් කර සිටියේය.

 මෙම කර්මාන්තය නියාමනය කිරීමට හා ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය දත්ත හා තොරතුරු ලබා ගැනීමට 2006 වසරේදී දුම්කොළ හා මත්පැන් පිළිබඳ නියාමන අධිකාරිය පිහිටවූව ද ලංකාවේ මේ වන තෙක් ජාතික මට්ටමින් සමීක්‍ෂණයක් හෝ සංගණනයක් සිදුවී නොමති බව ද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment