හොර වැඩේ බෑ කීව අධ්‍යක්ෂවරියට දඬුවමක්

1369

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික ලාභය ගිණුම්වලින් වැඩිකර පෙන්වන ලෙසට එහි ආයතන ප‍්‍රධානියකු දුන් උපදෙස් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා එහි මුදල් අධ්‍යක්‍ෂවරිය අනිවාර්ය නිවාඩු යවා ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.

වරාය අධිකාරිය 2020 ලැබූ ලාභයට වඩා 2021 වසරේදී ලැබූ ලාභය වැඩි බවට පෙන්වීම සඳහා ගිණුම් වෙනස් කරන ලෙසට මුදල් අධ්‍යක්‍ෂවරිය වෙත ආයතන ප‍්‍රධානියා උපදෙස් දී තිබේ. එම උපදෙස් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ගිණුම් වෙනස් කිරීම සඳහා තම නිලධාරීන්ට බලපෑම් කළ නොහැකි බවත් පැවසීම නිසා උරණවූ ආයතන ප‍්‍රධානියා ඇය අනිවාර්ය නිවාඩු යවා මුදල් කළමනාකරුටද ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment