හෝටලයේ බිත්ති සිදුරු කර මුදල් සොරාගත් සැකකරු රිමාන්ඞ්

115

ගණේමුල්ල නගරයේ පිහිටි හෝටලයක බිත්ති සිදුරු කර අලූයම් කාලයේදී හෝටලය තුළට ඇතුළු වී රුපියල් 28580 ක මුදලක් සොරාගත් සැකකරු ලබන 09 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා 26 වැනිදා නියම කළේය.

මස්කෙළිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන කාන්තිනාදන් අම්බලගන් නමැති සැකකරු මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.

සැකකරු වෙළෙඳසලට යාබද වෙළෙඳසලේ සේවය කරන බවත් සැකකරු සේවය කරන වෙළෙඳසල සහ හෝටලය වෙන් කරන බිත්තිය ඉකුත් 26 වැනිදා අලූයම් කාලයේදී යකඩ කටුවක් සහ මිටියක් උපයෝගි කර ගනිමින් සිදුරු කර හෝටලය තුළට ඇතුළු වී මුදල් සොරාගෙන හාරන ලද සිදුරෙන් එළියට පැමිණෙන අවස්ථාවේ අසල්වැසි වෙළෙඳසලක සේවකයකු සැකකරු ඔහු භාරයට ගෙන පොලිසියට භාරදුන් බව පැමිණිල්ල මෙහෙයවමින් ගණේමුල්ල පොලිසියේ සැරයන් බලසූරිය (6247) මහතා අධිකරණය හමුවේ කීය. සැකකරුට නීතිඥ සහායක් නොතිබූ හෙයින් යමක් කීමට ඇත්දැයි අධිකරණය විමසා සිටියේය. විත්තිකූඩුවේ සිටි සැකකරු දඬුවම් පමුණුවන ලෙස අධිකරණයෙන් එවිට ඉල්ලා සිටියේය.

පොලිසිය චෝදනා පත‍්‍රයක් ගොනුකර නොමැති හෙයින් දඬුවම් ලබාදිය නොහැකි බවට සැකකරුට පැවසූ අධිකරණය සැකකරුට විරුද්ධව චෝදනා පත‍්‍රයක් 09 වැනිදාට අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට පොලිසියට නියම කළේය. එතෙක් සැකකරු 09 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කෙරිණි. සැකකරු සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් 28580 ක මුදල, යකඩ කටුවක් සහ මිටියක් පොලිසිය මගින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment