හෝටල්වලින් 10% ක් වැහිලා

131

පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා ඇති හෝටල්වලින් සියයට 10 ක් වැසීගොස් ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා“දිවයින”ට ඊයේ (30 දා) පැවැසීය.

දිවයින පුරා ආපන ශාලා හතළිස් දහසකට වැඩි සංඛ්‍යාවක් තිබූ බව ද හෙතෙම කීය.

හෝටල් වෙත ජනතාවගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට තිබෙන බව ද හෙතෙම කීය.

ඔහු බිත්තර මිල සම්බනධයෙන් මෙසේ කීවේය.

මේ ඇමැතිවරු බිත්තර ඕන තරම් තියෙනවා කිව්වාට බිත්තර නැහැ. බිත්තර වෙළෙඳාම කඩාවැටීමට ලක්වෙනතුරු මේ ඇමැතිවරු බලාගෙන හිටියා. චූන් පාන් හරහා හෝ බිත්තර බෙදාහරින්න. එක එක්කෙනා බිත්තර 60 ට 65 ට විකුණනවා. මේවා අසාධාරණයි. මිල පාලනය කරන්න බලධාරියෙක් නැහැ. කොයි පැත්තෙන් වුණත් බැටකන්නේ පාරිභෝගිකයායි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment