හෝටල් කෑම බිලත් 10% කින් බස්සයි

244

ආපනශාලාවල ආහාර මිල ගණන් ඊයේ (01 දා) මධ්‍යම රාත්‍රියේ සිට 10% කින් පහත දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව තේ කෝප්පයක නව මිල රුපියල් 30 ක් දක්වාත්, කිරි තේ කෝප්පයක නව මිල රුපියල් 100 දක්වාත් අඩු කෙරෙනු ඇත.

රෝල්ස්, පරාටා. බිස්තර රොටි, එළවළු රොටි ඇතුළු කෙටි ආහාරවල මිල ගණන් මේ යටතේ රුපියල් 10 කින් පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඊයේ පැවසීය.

මීට අමතරව කෑම පැකට්ටුවක මිල ද ගෑස් සහ ඉන්ධන මිල අඩුවීමට සාපේක්‍ෂව අඩු කිරීමට ඉදිරියේදී තීරණය කරන බව ඒ මහතා පැවසීය.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment