හෝටල් රස්සාව අතහැර රඟමඩලට ආසේවියර් කණිෂ්ක

430

අද රංගවේදියෙක්

 කතාබහ–සේවියර් කණිෂ්ක


 පාසල් කාලය

 මගේ ගම මීගමුව. පාසල් ගියේ මීගමුව ශාන්ත මරියා මහ විදුහලට. මගේ කැමැත්ත තිබුණත් උසස් පෙළට තෝරා ගන්න අපේ පාසලේ කලා විෂයයන් තිබුණෙ නැහැ. ඒ නිසා විකල්පයක් විදිහට මම තෝරාගත්තේ කොමස් විෂය.

 වේදිකාවට හිත යයි

 ශ්‍යාම් ප‍්‍රනාන්දු මහත්මයා මීගමුව නයිනමඩමේ තල්දෙක ශාන්ත රීටා විදුහලේ නාට්‍ය කණ්ඩායම භාරව වසර පහක් පමණ කටයුතු කළා. අවසන් වසර දෙකේදී පමණ මටත් ඊට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් මට එතන කරන්න දෙයක් තිබුණෙ නැහැ. වැඩක් කළා නම් සමහර දවස්වලට ඔකෙස්ට‍්‍රා කණ්ඩායමේ ගිටාර් වාදනය කළ එක විතරයි. නමුත් මට කණ්ඩායමේ ඉන්න ඉඩ දුන්නා. එතනදි ඒ ළමයින්ගෙ දක්‍ෂතාව දැකලා මටත් රඟපෑම ගැන ආසාවක් ඇති වුණා.

 වේදිකාවට

 මේ ආසාව කැමැත්ත නිසාම වෙන්න ඇති 2011 වසරෙදි සෝමලතා සුබසිංහ මහත්මියගෙ ‘ප්ලේ හවුස්. නාට්‍ය කණ්ඩායමට එකතු වෙන්න මට අවස්ථාව ලැබෙනව. මේ සම්බන්ධකරවීම සිද්ධ කරන්නෙ ඒ කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් විසින්. නාට්‍ය ගැන හැදෑරීමට මේක මට හොඳ අවස්ථාවක් වුණා. මේ වෙනකොට ඔවුන් ‘හිම කුමාරි. නාට්‍යයේ පුහුණුවීම් කරමින් හිටියෙ. එතැන් පටන් මේ කණ්ඩායමත් එක්ක මම දිගටම වැඩ කළා. ඔවුන් අලූතින් හදන වගේම ඒ වන විට පවත්වාගෙන ගිය සියලූම නාට්‍යවල පාහේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම 2013 වසරේදී ප්ලේ හවුස් මගින් පැවැත් වූ නාට්‍ය වැඩමුළුවකටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

හෝටල් රස්සාව අතහැර රඟමඩලට ආසේවියර් කණිෂ්ක



 වෘත්තිය

 උසස් පෙළින් පස්සෙ හොටෙල් ස්කූල් එකක වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරුවා. එයින් පස්සෙ හෝටල් කිහිපයකම වැඩ කළා. කොහොම වුණත් පහුකාලීනව ඒවායින් ඉවත්වෙලා කලා ක්‍ෂේත‍්‍රයට යොමු වුණා. දැනට මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු දහයක්. මේක වෘත්තීය මට්ටමින් කරගෙන යන්න කැමතියි. නමුත් ප‍්‍රායෝගික ප‍්‍රශ්න තියෙනවා. එක වෙලාවකට කලාව මගේ ආත්ම ප‍්‍රකාශනය. ඉතින් මගේ රඟපෑම හරහා සමාජයට යම් දෙයක් කරන්න පුළුවන් කියල හිතනවා.

 නිර්මාණ

 මේ වසර දහය තුළ විකෘති” දුටු තැන අල්ලනු” ජන හතුරා” මෙය තුවක්කුවක් නොවේ” වෝකින් පාත්” ෂරරුිසිඑසඉකැ රසිැ දෙ ිසටබබද” පිටස්තරයා” ආණ්ඩුවේ රස්සාව (කෙටි නාට්‍ය) වැනි නිර්මාණයන්ට මගේ දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබුණා.

 සම්මානයක්

 වේදිකාවට පැමිණීමේ මූලික බලාපොරොත්තුව වුණේ රංගනය හැදෑරීම. ඒ වගේම රංගනයෙන් ලැබෙන තෘප්තිය. එතනදි ඉගෙනගැනීම” අභාෂය වගේම ගවේෂණයත් මට ගොඩක් වැදගත් වුණා. මේ කාලය ඇතුළත මම සහභාගි වුණේ අතේ ඇඟිලි ගණනටත් අඩු නාට්‍ය ප‍්‍රමාණයකට. එතනදි මම කොහොමද සම්මානයක් ගැන බලාපොරොත්තුවක් තියාගන්නෙ.

 කට්ට කෑම

 අද කාලෙ බොහෝ දේවල් ඉගෙනගැනීමට සම්පත් තියෙනව. ඒ වගේම නාට්‍යවලට සම්බන්ධවීමත් අතීතය හා සැසඳීමේදී වර්තමානයේ බොහෝ පහසුකම් තියෙනව. ඉතින් ශිල්පියෙක් හෝ ශිලිපිණියක් තමන් කරන දේ ගැන විශ්වාසයකින් හා සතුටකින් කරනව නම් කට්ටක් කන්න උවමනා වෙන්නෙ නැහැ.

හෝටල් රස්සාව අතහැර රඟමඩලට ආසේවියර් කණිෂ්ක



 ජනප‍්‍රිය බව

 ඇත්තටම මට නම් ජනප‍්‍රිය වීමේ උවමනාවක් නැහැ. මොකද ජනප‍්‍රිය බව කියන්නෙ අපි ලොකු සීමාවන් වැටෙන දෙයක්. මම හිතන විදිහට ජනප‍්‍රිය වෙන්න ඕන චරිතය මිසක පුද්ගලයා නොවෙයි. එහෙම වුණොත් අපිට පුළුවන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න.

 ප‍්‍රවීණ – -නවක සබඳතාව

 මම කලා ක්‍ෂේත‍්‍රයේ කටයුතු කළ මේ කාලය ඇතුළත ප‍්‍රවීණයන් සහ නවකයන් අතර සබඳතාව පළුදු වුණ අවස්ථා දැකල නැහැ. අපිට ඔවුන් ගැන තියෙන්නෙ ගෞරවයක්. ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ අධ්‍යයනයෙන්” ඔවුන් සමග අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් අපේ ජීවිතයට ගන්න තියෙන දේවල් බොහොමයි.

 අඩුපාඩු

 අද ලංකාවේ බොහෝ තැන්වල අපිට අඩුපාඩු දකින්න පුළුවන්. ඒක කලාවට විතරක් පොදු ලක්‍ෂණයක් නොවෙයි. කොහොම වුණත් කලාවට ඇති අඩුපාඩු සකසා දෙන්නැයි කියල විවිධ අය” සංවිධාන අවුරුදු ගණනාවක ඉඳන් ඉල්ලීම් කරනව. නමුත් තවමත් ඉටුවෙලා නැහැ.

 අනාගතය

 අද තියෙන තත්ත්වයත් එක්ක යම් දෙයක් ගැන නිශ්චිතව කියන්න අපහසුයි. කොහොම වුණත් සමාජයේ අනාගතය වේදිකාවේ අනාගතය තීරණය කරාවි.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment