හෝටල් සේවකයන් ලක්ෂ 11/2කගේ රැකියා අහිමිවෙයි

192

පවතින ඉන්ධන, ගෑස්, අර්බුද හේතුවෙන් හෝටල් හිමිකරුවන් සහ හෝටල් සේවකයන් ලක්‍ෂ එකහමාරකට අධික පිරිසකගේ දෛනික ආදායම අහිමිවී යෑමෙන් ඉතා අන්ත අසරණවී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය. දිවයිනේ තරු පන්තියට අයත් නොවන හෝටල් පනස්දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවත්, ඒවායින් විසිදහසක් මේ වන විට වැසී ගොස් ඇති බවත් ඒ මහතා කියා සිටියේය.මීට අමතරව ඉන්ධන අර්බුදය හේතුවෙන් හෝටල් වෙත පැමිණෙන පාරිභෝගික ජනතාවගේ විශාල අඩුවක් දක්නට ඇතැයිද හෙතෙම කීය.එමෙන්ම මේ වන විට හාල්, පාන් පිටි, සීනි, පරිප්පු, කෑලිමිරිස්වල හිඟයක් පවතින බවද ඒ මහතා කියා සිටියේය.හෝටල් හිමියන්ගේ හා හෝටල් සේවකයන්ගේ දෛනික ආදායම අහිමි වී යාමෙන් ඔවුන්ගේ බිරින්දෑවරුන් ඇතුළු දරුමල්ලන් ජීවත් කරවීමේ විශාල ප්‍රශ්නයකට මුහුණදී සිටින බවද ඔහු පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment