හෝමාගම ගෑස් හයිලෙවල් පාර වසයි

224

හෝමාගම බස් නැවතුම්පොළ අසලින් හයිලෙවල් මාර්ගය අවහිරකරමින් හිස් ගෑස් ටැංකි තබාගත් පිරිසක් අද (16) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය.

ගෑස් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් ගෑස් නියෝජිතායකනයක් ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිට රැදී සිටි පිරිසක් මෙසේ මාර්ගය අවහිරකරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරතවිණි.

තුන්සියයක පමණ පිරිසක් එම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිට ඇති අතර ඔවුන් මාර්ගය අවහිරකර ඇත්තේ අද දිනයේ ගෑස් නොලැබෙන බව ගෑස් නියෝජිතායතනය කළ දැනුම්දීමත් සමඟිනි.
කෙසේවෙතත් පොලීසියේ නිලධාරීන් ඔවුන් දැනුවත්තර ගෑස් තොග පැමිණි ගෑස් ලබා දීමට ටෝකන් එකක් ලබාදී සිද්ධිය සමථයකට පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment