හෝල්ඩින් විස්තර ප‍්‍රචාරයෙන් ඉවත් වෙයි

319

ලෝක කි‍්‍රකට් පිටියේ වඩාත් බිහිසුණු පන්දු යවන්නෙකු ලෙස ප‍්‍රකටව සිටි පසුව කි‍්‍රකට් විස්තර විචාරයට එක්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් ජාතික මයිකල් හෝල්ඩින් මහතා විස්තර විචාරයෙන් විශ‍්‍රාම ගැනීමට තීරණය කර ඇත.

 වසර 20කට වැඩි කාලයක් ස්කයි ස්පෝර්ට් ආයතනය සමග සම්බන්ධ වී කි‍්‍රකට් විස්තර විචාරක කටයුතු සිදුකළ හෝල්ඩින් මහතා මේ වනවිට 66 හැවිරිදි වියේ පසු වේ.

 ‘‘මගේ වයස අවුරුදු 36ක්, 46ක්, 56ක් නොවේ. මට දැන් අවුරුදු 66ක් වෙනවා. මේ වයසත් එක්ක මට විස්තර විචාරයෙන් තවදුරටත් ඉදිරියට යන්න අපහසු බවක් දැනෙනවා.’’

 හෝල්ඩින් මහතා සිය සමුගැනීම පිළිබඳව ගුවන්විදුලි නාලිකාවකට එසේ අදහස් ප‍්‍රකාශ කර තිබිණි. ටෙස්ට් තරග 60කට සහ එක්දින තරග 102කට කී‍්‍රඩා කර ඇති හෝල්ඩින් එහිදී කඩුලූ 391ක් දවාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment