‘ළංවී ’ ටලැබෙන ප්‍රතිචාර ඉහළයි – දිල්ශාන්

126

අද දවස වනවිට සතියේ දින පහේම රෑ නවය වෙනකොට හැම ගෙදරකම වගේ සාමාජිකයො පුංචි තිරයට ළංවෙන්න පටන්අරගෙන. ඒකට හේතුව තමයි හිරු ටීවී ඔස්සේ විකාශනය වන ‘ළංවී’ ටෙලි සිත්තම. ‘ළංවී’ මේ තරම් ඉක්මනට ප්‍රේක්ෂක සිත්සතන්වලට ළං වුණේ කොහොමද කියලා දැනගන්න අපි එහි අධ්‍යක්‍ෂ දිල්ශාන් අමරසිංහට කතාකළා.


● ‘ළංවී’ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට එකතුවුණ අලුත්ම නිර්මාණයක්. ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

 ගොඩක් උණුසුම්. ඒ වගේම විවිධාකරයි. සාමාන්‍යයෙන් නිර්මාණ අධ්‍යක්‍ෂවරයකුට ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ තත්ත්වය මටත් සාපේක්ෂයි. ඕනෑම නිර්මාණයකදී ඊට රංගනයෙන් දායක වන නළු නිළියන්ට තමයි වැඩි ප්‍රතිචාර හිමි වෙන්නෙ. ඒත් ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්‍ෂවරු බොහෝදෙනෙක් ‘මල්ලි ඔයා කරල තියෙන්න ලොකු වැඩක්’ කියන ක්‍රෙඩිට් එක මට ලබා දුන්නා. ඒ ප්‍රතිචාර නවකයෙක් හැටියට වගේම මගේ පළමු නිර්මාණ අධ්‍යක්‍ෂණය විදියට මට ගොඩක් වටිනවා.

‘ළංවී ’ ටලැබෙන ප්‍රතිචාර ඉහළයි - දිල්ශාන්

● ඕනෑම හොඳ දෙයක් තුළ නරක දකින පිරිසක් සිටීම සාමාන්‍ය දෙයක්. එවැන්නන් ගේ ප්‍රතිචාර ඔබේ නිර්මාණයට ලැබුණෙම නැද්ද?

 සුළු වශයෙන් වුණත් එවැනි ප්‍රතිචාර හිමිවුණා. ඇත්තටම මම මෙතැනදි උත්සාහ කළේම සාම්ප්‍රදායික ටෙලි රාමුවෙන් මිදිල වෙනස්ම ආකාරයේ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න. ඒ තුළ මට ලයිටින්, එඩිටින් වගේම සංස්කරණ රීතීන් වෙනස් කළා. ඒ වෙනස්කම් අලුත්ම දෙයක් කියලා නොහිතපු සුළුතරයකගෙන් තමයි පුංචි පුංචි දෝෂාරෝපණ එල්ල වෙන්නෙ.

 ● බලාපොරොත්තු වූ ඒ වෙනස සාර්ථකයි කියලා ඔබ හිතනවාද?

 ඇත්තෙන්ම මම විශ්වාස කරනවා මේක තමයි මගේ ටර්නිං පොයින්ට් එක කියලා. යොදාගන්නා චරිත, කොස්ටියුම්, සිංදු, ෆයිට්, වැනි දේවල් එකකට එකක් ගැළපෙන විදියට සිනමාරූපී බවක් ඇති කරන්න ‘ළංවී’ ටෙලි සිත්තම හරහා මම උත්සාහ කළා වගේම ඒ උත්සාහය ජයගත්ත කියන විශ්වාසය අද නම් ෆිල්ම් එකක් බැලුව වගේ කියලා ඕඩියන්ස් එකෙන් ෆීඩ් බැක් එකෙන් මා තුළ ඇතිවෙලා තියෙනවා.

 ● ඔබේ ඒ සාර්ථකත්වය ඉදිරියේදී රැල්ලක් වීම තුළ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ හෙට දවස යහපත් වෙයි කියලා හිතනවද?

 අනිවාර්යයෙන්ම ‘ළංවී’ නරඹල මගේ ගුණ දොස් විවේචනය කරපු සමහරුන්ට මේ වෙද්දී මම කරපු වෙනස්කම්වල හොඳ පැත්ත ගැන සමහර නාලිකාවලින් පවා වටහල දීලා තියෙනවා. එවැනි පසුබිමක් තුළ දැනටමත් මම පටන්ගත්තු වෙනස පැතිරිලා යන තත්ත්වයක් තමයි තියෙන්නෙ. හැබැයි එහෙමයි කියලා එතෙක් අපේ ටෙලි නාට්‍ය කලාවට හොඳක් මිස නරකක් වෙන එකක් නෑ කියලා මා තුළ ලොකු විශ්වාසයක් තියෙනවා. අපි හැමෝම එකතුවෙලා අලුත් ඒ වගේම හොඳ දේ කිරීම තමයි සිද්ධ වෙන්න ඕන.

 ● දිල්ශාන් ජීවන වෘත්තිය වශයෙන් කලාව තෝරගන්න බපෑවෙ මොනවගේ හේතු කාරණාද?

 මම මූලික අධ්‍යාපනය ලබන්නෙ කළුතර තිස්ස මධ්‍ය මහා විiාලයෙන්. එතැනින් පස්සෙ කොළඹ ඉසිපතන මහා විදුහලට ඇතුළත් කරනවා. එතැනදි මම මීඩියා යුනිට් එකේ සාමාජිකයෙක් වෙනවා. ඔය හැම දේටම වඩා මට පුදුම චිත්‍රපට පිස්සුවක් තිබුණා. වයස පුංචි වුණාට ඉන්දියානු සිනමා කෘති නරඹන්න මම ඇබ්බැහිවෙලා හිටියා. ටිකක් ලොකු වෙද්දි ක්‍රම ක්‍රමයෙන් වෙනත් රටවල සිනමා කෘති නරඹන්න ඒවා ගැන හොයලා බලන්න මගේ හිතේ ලොකු වුවමණාවක් ඇතිවුණා. ඒ දේවල් තමයි මටත් නොදැනී මට මේ ක්‍ෂේත්‍රයට යොමුවෙන්න බලපෑවේ.


 ● ඒ ගමනේ ආරම්භය කොතැනද කියන එක ඔබට මතකද?

 උසස් පෙළින් පස්සෙ මම මීඩියා ඩිප්ලෝමා එකක් කරනවා. එතනින් පස්සෙ දෙරණ නාලිකාවට සම්බන්ධ වෙනවා. පුහුණු නිෂ්පාදකවරයෙක් හැටියට. එහි මගේ සම්පූර්ණ කාලය වසර දහයකට වැඩියි. ඒ කාලය තුළ මම ස්ටාර් සිටි, සිටි ඔෆ් ඩාන්ස් වැනි විවිධ රියැලැටි වැඩසටහන් නිෂ්පාදනය කළා. අලුත්ම කන්සෙට්වලට අනුව ඒ හැම දේකින්ම විශාල ලෙස අත්දැකීම් ලැබුවා.

‘ළංවී ’ ටලැබෙන ප්‍රතිචාර ඉහළයි - දිල්ශාන්



 * එතැනින් පස්සෙ

 වැඩසටහන් කළමනාකරුවකු ලෙස උසස් වීමත් සමග හිරු නාලිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවෙනවා. එහි වසරක සේවයෙන් පසු මම පෝලන්තයට ගිහින් සිනමාකරණය හදාරමින් රැකියාවක නිරත වුණා.

 * දැනුම අත්දැකීම් එකතු කරගෙන ලංකාවට පැමිණෙන්නෙ ටෙලිනාට්‍යයක් කරන අදහසින්.

 නැහැ. ටෙලි නාට්‍යයක් කරනවා කියන එක කිසිම දවසක මගේ හිතේ තිබුණෙ නැති දෙයක්. ඒත් කවදහරි චිත්‍රපටයක් කරනවාමයි කියන අධිෂ්ඨානය හිතේ තිබුණා. ඒත් මම ලංකාවට ඇවිත් පටන්ගන්නෙ ඇඩ්වටයිසින් ෆර්ම් එකක්. ඒ හරහා මම ඩිජිටල් කමර්ෂල් වැඩසටහන් නිර්මාණය කළා. ඔය අතරෙ තමයි මට තිමිර උඩලමත්ත ඔහුගේ පිටපතක් වන ළංවී නිර්මාණය විදියට එළිදක්වන්න මට ආරාධනා කරන්නෙ.

 * ඒ අවස්ථාව අද මතකයට එන්නෙ කොහොමද?

 මම හිතන්නෙ චිත්‍රපටයක් කරනවාය කියන අධිෂ්ඨානයක් හිතේ තියාගෙන හිටපු මම ඒ අදහස වෙනස් කරන්න ඇත්තෙ ‘ළංවී’ පිටපත ලියපු මගේ මිත්‍රයා තිමිර නිසාම වෙන්න ඕන. අනිත් අතට පිටපත කියවල බැලුවම එය නිර්මාණයකින් කෙළවර කරන්න ඕන කියන සිතුවිල්ල සිතට එන තරමට එය මගේ සිතට කාවදිනවා. අන්න ඒ විදියට තමයි මම ‘ළංවී’ හරහා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් වෙන්නෙ.


 ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment