ළමා අපචාරවලට බලපාන දුර්වලතා

797

වර්තමානයේ අපට බහුලව අසන්නට ලැබී ඇති අසතුටුදායක ප‍්‍රවෘත්තියක් ලෙස ළමා ලිංගික අපචාර දැක්විය හැකිය. දරුවන් මේ සඳහා යොමු කර ගැනීමට වැඩිහිටියන් තුළ පවතින මානසික තත්ත්වය සහ ඉන් දරුවන්ට ඇතිවන මානසික පීඩාව පිළිබඳව අප අවධානය යොමු කළ යුතුය.

 වෛද්‍යතුමනි කුඩා දරුවන් ලිංගික අපචාර සඳහා යොදා ගැනීමට බලපාන මානසිකත්වය කෙසේද?

 මහා සෘෂිනාඩි වෛද්‍යවරුන් පවසා ඇති පරිදි මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුටම ශරීර දෙකක් පවතිනවා. එකක් කායික සිරුරය. අනෙක මානසික සිරුරය. කායික සිරුර ලෙස හඳුන්වා ඇත්තේ අපගේ බාහිරින් ඇති දැත් දෙපා හිස මුහුණ ආදී ඉන්ද්‍රියයන් ගෙන් යුත් සිරුරටය.

 මානසික සිරුර යනු මෙම බාහිර ඉන්ද්‍රියයන්ගෙන් යුත් සිරුර ක‍්‍රියාත්මක කරවන සිතුවිලිවලින් යුක්තවූ සිරුඑය මෙය අපට දෑසින් දැකගත නොහැකිය.

 අතීතයේදී සෘෂිනාඩි වෛද්‍යවරුන් පැවසූ මෙම මානසික සිරුර වර්තමානයේ හදුන් වන්නේ මනස ලෙසය.

 මව් කුසින් බිහිවන දරුවාගේ සිරුර වර්ධනය වීම අවස්ථාවන් දෙකකදී සිදුවේ. අප බාහිරින් දකින වර්ධනය සහ අභ්‍යන්තරයෙන් සිදුවන වර්ධනය ලෙසය. මෙම අභ්‍යන්තර වර්ධනයේදී දරුවාගේ ලිංගික ඉන්ද්‍රියයන් පරිණතවීමට අවශ්‍ය හෝමෝන නිපදවනු ලබයි. ගැහැණු දරුවකුගේ ලිංගික ඉන්ද්‍රියයන් පරිණතවීමට උපතින් පසු වයස අවුරුදු 8 ත් 12 ත් අතර කාලයක් ගතවේ. පිරිමි දරුවකුට ඒ සඳහා අවුරුදු 12 ත් 14 ත් අතර කාලයක් ගතවේ.

 මෙලෙස වර්ධනය වන කායික සිරුරත් සමග අභ්‍යන්තරයෙන් වර්ධනය වන මානසික සිරුරත් ක‍්‍රම ක‍්‍රමයෙන් පරිණතවීම සිදුවේ.

 සිරුරේ මෙම වර්ධනයන් සඳහා අප ජීවත්වන සමාජය සහ එහි පවතින නීතිරීති අදාළ නොවේ. නමුත් අප සමාජය තුළ අන් අයගේ ගැරහුමට ලක් නොවී ශිෂ්ඨ සම්පන්නව ජීවත්වීම මානසික සිරුර නිසි අයුරින් වර්ධනය කරගත යුතු බව සෘෂිනාඩි වෛද්‍යවරු පවසා ඇත.

 වර්තමානයේ අපට අසන්නට ලැබෙන ළමා අපචාර සම්බන්ධයෙන් විමසා බැලීමේදී පැහැදිලි වන්නේ ඊට යොමුවූවන්ගේ මානසික සිරුර නිසි ලෙස වර්ධනය වී නොමැති බවය.

 ලිංගික අවයව වර්ධනය වූ පමණින් හෝ ඒවා ක‍්‍රියාත්මක මට්ටමින් පවතින නිසා හෝ අපට අවශ්‍ය පරිදි ඒවා භාවිතා කළ නොහැකි බව අපගේ මාන සික සිරුර තුළ අවබෝධයක් නොමැති නම් එවැනි පුද්ගලයින් මෙලෙස ලිංගික අපචාරවලට යොමුවේ.

 වෛද්‍යතුමනි, මෙලෙස මානසික සිරුර තුළ අවබෝධයක් ඇති නොවීමට බලපාන හේතු මොනවාද?

 කායික සිරුර වර්ධනය සඳහා පෝෂ්‍යදායී අහාර පාන අවශ්‍යසේම මානසික සිරුර වර්ධනය සඳහා යහපත් සිතුවිලි යහපත් සමාජ රටාවක් පැවතිය යුතුය.

 ළමා අපචාරවලට යොමුවූ පුද්ගලයින් තුළ යහපත් සිතුවිලි නොමැත. ඔවුන් තුළ ඇති වන්නේ තම අරමුණ පමණක් ඉටුකරගැනීමේ සිතුවිලි පමණි. ඒ සඳහා ඔවුන්ගේ බුද්ධි මට්ටමද බලපායි. මෙලෙස ළමා අපචාරවල යෙදෙන පුද්ගලයින්ගෙන් බහුතරයක් කුඩා කල කිසියම් හෝ ලිංගික අපචාරයකට ලක්ව සිටිති. එනිසා ඔවුන් ඉන් ඇතිවූ මානසික පීඩනයෙන් මතුවූ නොසන්සුන් බව නිසා මෙවැනි අපරාධවලට යොමුවේ. මෙම නොසන්සුන් බව උග‍්‍රවූ විට ඔවුන් ළමා අපචාරවලට යොමුවේ.

 එනිසා කුඩා කල සිට දරුවකු රැුකබලා ගැනීමේදී ඔවුනට ආහාර පානදීම පමණක් නොව තම සිරුර ගැනද අවබෝධයක් ලබාදිය යුතුය. දෑත් දෙපාවලින් සිදු කරන කටයුතු මෙන්ම ලිංගික අවයවයන් මගින් ඉටුවන කටයුතු සහ එහි ක‍්‍රියාකාරීත්වය ගැනද දරුවනට අවබෝධයක් ලබාදිය යුතුය.

 ඒ සඳහා දරුවන් වැඩිවියට පත්වන තුරු සිටිය යුතු නැත. වර්තමානයේ දෙමාපියෝ දරුවන්ට මෙම ලිංගික ක‍්‍රියාකාරීත්වය පිළිබඳ දැනුමක් ලබාදීමට මැලිකමක් දක්වති. ඒවා ශිෂ්ඨ සම්පන්න නැතැයි කියා සිතති. එනිසා බොහෝ දරුවන් මෙම දැනුම ලබාගන්නේ බාහිර පුද්ගලයන්ගෙන්ය. වර්තමානයේ නම් අන්තර්ජාලය ඔස්සේය. එහිදී අප ජීවත්වන සමාජය, එහි පවතින නීති රීති මෙම ලබා

 ගන්නා දැනුමට එක් නොවේ. එනිසා ඔවුන් ලබාගන්නේ ලිංගික අවයව සතපවන දැනුමක් පමණි.

 ගැහැණු දරුවකු වයස අවුරුදු 12 පමණ වන විට වැඩිවියට පත්වුවද ඇයට අන්අය සමග ලිංගික ක‍්‍රියාවන්හි යෙදීමට නීතියෙන් අවසර නැත. පිරිමි දරුවකුට වයස අවුරුදු 14 පමණ වන විට ලිංගික අවයව පරිණත වුවද ඔවුනට ද අන් අය සමග ලිංගික ක‍්‍රියාවන්හි යෙදීමට නීතිමය අවසර නැත. මෙම තොරතුරු මානසික සිරුරට ලබාදී එය නිරෝගී නොකරන තාක් අපට ළමා අපචාර ගැන විවිධ අයුරින් අසන්නට ලැබේ. එනිසා තමාගේ ආගම දහම අනුව දිවිගෙවීමට සමාජයේ නීතිරීතිවලට ගරුකිරීමට සහ සන්සුන් මනසක් ඇතිකර ගැනීමට අවශ්‍ය පසුබිම සෑම දරුවකුටම ලබාදිය යුතුය.

ළමා අපචාරවලට බලපාන දුර්වලතා

advertistmentadvertistment
advertistmentadvertistment