ළමා අපයෝජන පැමිණිලි 10000ක්

169

ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි දසදහසක් පමණ පසුගිය වසරේදී (2022) වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

එම පැමිණිලිවලින් අටදහසක්ම ලැබී ඇත්තේ ලිංගික අපයෝජන, පහරදීම් හා මෙහෙකාර සේවයේ යෙදවීම පිළිබඳව යැයි ද හෙතෙම කීය. සමාජයේ ළමා අපයෝජන වැඩි වශයෙන් සිදු වුවත් එයින් වාර්තා වනුයේ සුළු ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළේය. ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි කොළඹ, ගම්පහ, කුරුණෑගල, රත්නපුර යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තා වන බවත් හෙතෙම කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment