ළමා අපයෝජන පැමිණිලි 4700ක්

319

මෙම වසරේ (2021) ගතවූ මාස හයහමාරක කාලය තුළ ළමා අපයෝජන පැමිණිලි 4700 ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය.

ළමා අපයෝජන පැමිණිලි අතර,බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධීන් 391ක්ද, දරුවන් කෲර ලෙස වද හිංසනයට ලක්කිරීමේ සිද්ධීන් 1341 ක්ද, ස්ත්‍රී දූෂණ සිද්ධීන් 23 ක්ද, දරුවන් මෙහෙකාර සේවයේ යොදා ගැනීමේ සිද්ධීන් 1370 ක්ද වන බවද හෙතෙම කියා සිටියේය.

ගතවූ කාලය තුළ ළමා අපයෝජන සිද්ධීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 508 ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 438 ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 384 ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 262 ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 337 ක්ද වාර්තා වන බවද හෙතෙම කීය.

මේ අතර, දරුවකුට යම්කිසි අතවරයක් සිදුවන්නේ නම් ඒ ගැන 1929 ළමා උපකාරක දුරකථන සේවාවට දැනුම් දෙන්නැයි ද හෙතෙම සියලු‍ම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment