ළමා අයිතීන් රකින්න ජාතික ප්‍රතිපත්තියක් නෑ

90

ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුවට වසර 65 යි

පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කර වසර 65ක් ගතවී තිබුණද ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වන පරිදි විශ්ව ප්‍රඥප්තියට අනුකූලව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ඊට අදාළ නීති සම්පාදනය කිරීම මේ දක්වා ඉටුකර නොමැති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.

විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක් සඳහා 2019 මාර්තු මස 06 වැනි දා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබුණද එම ප්‍රතිපත්තිය ද මෙම වර්ෂයේ මාර්තු මස 25 වැනි දින වන විටත් ප්‍රමාණාත්මක ලෙස ක්‍රියාත්මක කර නොතිබිණි.

ජාතික ප්‍රතිපත්තීන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අනාථ අත්හළ හා අසරණ ළමුන් ද නීතිමය ගැටලුවලට යොමු වූ ළමුන්ද සුවිශේෂී කර ගනිමින් සියලු ළමුන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කර ගනිමින් ඔවුනට සමාන අවස්ථාවක් උදාකරදීම දෙපාර්තමේන්තුවේ මෙහෙවර වේ.

මෙහිදී ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් විගණනයට සඳහන් කළ ඇත්තේ විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් ක්‍රියාකාරී සැලසුම් 08ක් සකස් කර ඇති බවය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment