ළමා නිවාසයේ දැරියන් 10කට හදි කළ පාලිකාවගේ සැමියා අත්අඩංගුවට

597

රත්නපුර පළාතේ ප්‍රසිද්ධ ළමා නිවාසයක දැරියන් දසදෙනෙකුට වරින්වර අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා රත්නපුර කාන්තා සහ ළමා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ළමා නිවාසයේ පාලිකාව ඊයේ (26 දා) වනතුරුත් පොලිසිය මඟහරිමින් සිටින බව රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. වීරසිංහ මහතා පැවසීය.

ළමා නිවාසයේ පාලිකාව එහි දැරියන් ඇගේ නිවසේ සේවය සඳහා වරින්වර යොදාගෙන ඇති බව ද පොලිස් ආරංචිමාර්ග කියයි. මෙම ළමා නිවාසයේ දැරියන් 17 දෙනකු සිටින අතර සැකකරු විසින් එක් දැරියක අතවරයට ලක් කිරීමෙන් පසු තවත් දැරියන් දසදෙනකු වරින්වර අතවරයට ලක්ව ඇති බව හෙළි වී තිබේ.

ළමා නිවාසයේ සිට පාසල් යන මෙම දැරියන් එහි පාලිකාව සිය නිවසේ සේවයට යොදවා ගෙන ඇති අතර එහිදී සැකකාර සැමියා විසින් දැරියන් අතවරයට ලක්කර තිබෙන බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment