ළමා පිටියෙන් කලා ලොව ජයගත් – ලියෝනි

255

කරුණාරත්න අබේසේකරගේ “ළමා පිටියේ” ගායිකාවක් ලෙසින් කුඩා කාලයේදීම කලා ලොවට පිවිසි ලියෝනි කොතලාවල කලා ශිල්පිනිය අභාවප්‍රාප්ත වූ බව ඇසූ විගසින් මගේ මතකයට ආවේ ඇය රඟපෑ නාට්‍යවල චරිත කිහිපයකි.

 මා සමගත් වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑ ලියෝනි සිටින තැන විනෝද සාගරයක් වගේ යැයි සඳහන් කළ යුතුය.

 කම්කරු අරගලයක වෘත්තීය සමිති නායකයකුට විරුද්ධව ඇය රඟපෑවාය. නාට්‍යයේ නිෂ්පාදක” වරායේ සේවය කරන්නෙකි. ඔහු වරායට යන පාරේ සිටින මිනිස්සුන්ට බැණ වදින කාන්තාවක් ගැන කියා ඇයව අනුගමනය කරන ලෙස උපදෙස් දුන්නේය. එදා ‘සුදර්ශී. ආයතනයේ නාට්‍ය පුහුණු කර ඇත්තේ සම නිෂ්පාදක ෂෙල්ටන් නමැති මහතෙකි. නාට්‍ය පුහුණුවීම කෙරෙද්දී තවත් කාන්තාවන් පිරිසක් සමඟ අත පය දික්කරමින්” කෑ ගසමින් ඉදිරියේ ගමන් කළේ ලියෝනිය. කොහොම හරි වෘත්තීය සමිති නායකයාගේ

ළමා පිටියෙන් කලා ලොව ජයගත් - ලියෝනි



 නම ඇයට අමතක වෙලා. “අඩෝ ෂෙල්ටන් ගෙරි බල්ලා” කියා කීවාය. ෂෙල්ටන්ට කීවා යැයි සිතූ ෂෙල්ටන් “උඹ දැනගනින් මම හොඳ වැදගතෙක් මේ නාට්‍යවලට එකතු වුණාට” යැයි කීවේය. ලියෝනි එදා බිය වූ තරම” ඇඳසිටි රෙද්ද ගැලවී බිමට වැටිනි. යට සාය නොතිබෙන්න “අපේ පටි ඉවරයි” කියමින් ලියෝනි උඩ පැන පැන සිනහ වෙන්නට වූවාය.

 “කලාපෙළ” කණ්ඩායමේ නායකයා වූ ජී. එල්. පෙරේරාගේ “තොටුපළ. නාට්‍යයේ ඡායාරූප ශිල්පියා වූයේ ‘දවස. ආයතනයේ තිස්ස කොතලාවලය. නාට්‍ය ජවනිකාවක් ඡායාරූප ගන්නට ගිය අවස්ථාවේ ඇතිවූ දැනහැඳුනුම්කම දුරදිග ගොස් තිස්සගේ බිරිඳ බවට ලියෝනි පත්වූවාය. නාට්‍ය පුහුණුවීම් වලදී ලියෝනි එම නාට්‍යයේ රඟපාන්නේ නම් අනෙක් නළුවන්ට කෑම හිරවූ අවස්ථා ද ඇතිවූයේ ඈ කළ විහිළු හේතුවෙනි.

 ඇල්ප්‍රඩ් මල්ලිකාආරච්චි නිෂ්පාදනය කළ “පොරපිටියක්” නාට්‍යය” කාලිංග ඔබේවංශ මහතාගේ “රුහුණු කලාකවයේ” පුහුණු වන දිනයකි. භක්තිමත් කතෝලික කාන්තාවක වූ ලියෝනි ඉරිදා පල්ලි යන බැවින් පුහුණුවීම් කටයුතු සඳහා උදේ කාලය වෙන් නොකරන්නීය. මෙම නාට්‍යයේ නිෂ්පාදක නවකයෙකි. එදින උදෑසනින් දිව්‍ය පූජාවට සහභාගි

 වී රුහුණු කලා කවයට එනවිට නිෂ්පාදකවරයා හිසට අත් තබාගෙන මේසයක් මත කල්පනා කරමින් සිටියේය. විහිළුවක් කරන්නට හිතූ ඇය “නිෂ්පාදක මහත්තයෝ මම ආවා” යැයි කීවේ ඔහුගේ කනට කරය. ඔහු තිගැස්සී අවදි වූයේ ලියෝනිවත් බිම පෙරළාගෙනය.

 හැටේ” හැත්තෑවේ දශකයේ මා සමඟ ද නාට්‍ය කිහිපයක රඟපෑ ඇගේ මුල්ම ප්‍රසිද්ධ වේදිකා නාට්‍යය වූයේ” ජී. ඩී. එල්. පෙරේරාගේ

 ‘මෙහෙව් ලෝකය. ය. ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය තරගයකදී තම ප්‍රථම රංගනයෙන්ම හොඳම නිළිය ලෙස ඇය සම්මාන ලැබුවාය. අද මෙන් පහසුකම් නොමැති නාට්‍ය කලාවේ ඇතැම් නවක නළු නිළියන්ට ඇය ගුරුවරියක් මෙන් වූවාය.

ළමා පිටියෙන් කලා ලොව ජයගත් - ලියෝනි

‘මනමාලකම්. නමැති නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ ලියෝනි ‘දිවයින. පත්‍රය වෙනුවෙන් මා සමඟ කළ සාකච්ඡාවකදී ඉඟි බිඟි පාමින්” ඇස් කොනින් බලමින් උපහාසාත්මක චරිතයක් වූ මනමාලකම් රඟපෑවාට දැන් ඉතින් අපිට මොකට ද මනමාලකම් කියමින් මා දෙස බලමින් මා මැරුණ දාක. ඒක එහෙම ලියන්නේ නැහැ කියූ අන්දම මට මැවී පෙනේ.

 ලූෂන් බුලත්සිංහල ජාතික රූපවාහිනියේ කරන ලද ප්‍රථම ඒකාංගික ටෙලි නාට්‍ය වූ “සෙත්මාගේ සිහිනය” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය මැව්වේ ලියෝනි කොතලාවලය. තමාට නොගැළපෙන චරිත රඟපාමින් චරිතය කෙලෙසා නොගෙන ආත්ම ගෞරවය රැකගෙන ජීවත්වීමට ලියෝනි සමත් වූවාය.

 ගායනයෙන්” වේදිකාවට” වේදිකාවෙන්” සිනමාවට ප්‍රවිශ්ට වූ චරිතාංග නිළියක් වූ ලියෝනි කොතලාවල තමන්ට කෙණහිළිකම් පාන ඇතැම් නිළියන්ට වෛර නොකර සතුරන්ට සමාව දුන් නිහතමානී අවංක චරිතයකි.

 හිතවතිය! ඔබ සමාදානයේ සැතපේවා.


හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment