ළමා රෝහලේ කොවිඞ් දරුවෝ 200 දෙනෙක්

182

මේ වන විට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ඊට අනුබද්ධිත රාජගිරිය ආයුර්වේද රෝහලේ ළමා වාට්ටුවේ කොවිඞ් ආසාදිත දරුවන් 200 දෙනකු පමණ ප‍්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ට ඊයේ (27 දා* පැවසීය.

 ළමා රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටි කොවිඞ් ආසාදිත දරුවන් 16 දෙනකු මේ වන විට මියගොස් ඇතැයි ද හෙතෙම කීය.

 මේ වන විට ළමා රෝහලේ ස්ථාපිත කොවිඞ් ළමා වාට්ටු පහක දරුවන් 160 දෙනකු ද ළමා රෝහලට අනුබද්ධ රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත කොවිඞ් ළමා වාට්ටුවේ දරුවන් 50 දෙනකු පමණද ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

 දිනපතා ළමා රෝහලට කොවිඞ් ආසාදනය වූ දරුවන් 25 දෙනකු පමණ පැමිණෙන බව ද හෙතෙම කීය.

 දරුවන් යම් අසනීප තත්ත්වයකින් පෙළෙන්නේ නම් නොපමාව වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්නා ලෙසත් අනවශ්‍ය ලෙස ඖෂධ වර්ග දීමෙන් වළකින ලෙසත් හෙතෙම සියලූ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment