ළමා රෝහලේ ඩෙංගු හැදුණු දරුවෝ 40 ක්

65

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැළඳුණු දරුවෝ හතළිස් දෙනෙක් ප්‍රතිකාර ගනිමින් සිටිති. දරුවන් ඩෙංගුවලින් ආරක්‍ෂා කිරීමට වගබලා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

එනිසා යම් දරුවෙකුට උණ වැළඳී තිබේනම් දින දෙකකට පසු වහාම ලේ පරීක්‍ෂා කොට අදාළ වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකරන ලෙසට ඒ මහතා දන්වා සිටී.

මෙම වසරේ ගෙවීගිය මාස කිහිපයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 31,993 දෙනකු වාර්තා වී ඇත. බස්නාහිර ඩෙංගු පැතිරීම වැඩිම පළාත වන අතර බස්නාහිරෙන් මේ වනවිට ඩෙංගු රෝගීන් 15746 ක් වාර්තා වී තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment