ළමා රෝහලේ බෙහෙත් වර්ග 60ක හිඟයක් – රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ සන්තුෂිත සේනාපති

178

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60කට ආසන්න සංඛ්‍යාවක හිඟයක් පවතින බවත්, මේ හේතුවෙන් සැත්කම් හා ප්‍රතිකාර කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා ‘දිවයින’ට ඊයේ (03දා) පැවසීය.

මේ වනවිට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර ලැබීම පවා අඩු වෙමින් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ළමා රෝහලට ඉන්දීය ආධාර ලෙස ලැබෙන ඖෂධත් නොලැබී යන්නේ නම් සැප්තැම්බර් හා ඔක්තෝබර් වනවිට රෝහල දැඩි අර්බුදයකට පත්වන බවට ද හෙතෙම අනතුරු අඟවා සිටියේය.

දිගු කාලීන රෝගයන් වන දියවැඩියාව, ස්නායු රෝග, වකුගඩු රෝග ඇතුළු රෝග රැසකටම අවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බව ද හෙතෙම කීය.

මීට අමතරව සැලසුම් කළ ශල්‍යකර්ම හා ඇතැම් ප්‍රතිකාර සේවා ද ඉදිරියේදී සීමා කිරීමට හෝ නතර කිරීමට සිදුවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ ගැන වහා සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන
 

advertistmentadvertistment
advertistmentadvertistment