ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත පරිගණක සහ අන්තර්ජාල පහසුකම්

194

මෙරට සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක් සහ අන්තර්ජාල සබඳතා ප්‍රදානය කර තිබේ.

කාන්තා හා ළමා සංවර්ධනල පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනල පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ පෞද්ගලික ඉල්ලීමකට අනුව මෙරට සමාගම් කීපයක පූර්ණ අනුග්‍රාහය යටතේ දිවයින පුරා විසිරී ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379ක දරුවන් 10632 සඳහා මෙම ප්‍රදානය සිදුකර ඇත.

සංකේතාත්මක පරිගණක ප්‍රදාන වැඩසටහන අද(15* දින අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරීශ්‍රයේ දී සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment