ළමුන්ට සහ වැඩිහිටියන්ට අද සත්වෝද්‍යාන නොමිලේ

87

අදට (01 දා) යෙදී ඇති ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුළු වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇත.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් මත ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබේ.

සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අධ්‍යාපනික වැඩසටහන් රැසක් ද සංවිධානය කර ඇත. දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment