ළාබාල තරුණයන් හේතුවක් නොමැතිව නගරයේ ඔබ මොබ සැරිසරනවා… සංචරණ සීමා නොතැකූ කුලියාපිටියේ 250 කට පී.සී.ආර්. සහ නඩු

619

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ
 

 සංචරණ සීමා උල්ලංඝනය සිදු කිරීම් තුළින් වැඩියෙන්ම අත්අඩංගුවට ගැනීම් පෙරේදා (17 දා* වාර්තා වූ කුලියාපිටියේ, හදිසි මෙහෙයුමක් මගින් ඇතුලූ වන සියලූ වාහන නවතා පරීක්‍ෂාවකට ලක්කර ඇත. පසුව කිසිදු හේතුවක් නොමැතිව නගරයට පැමිණ තිබූ පිරිස කුලියාපිටිය බස් නැවතුම්පොළේ දී පී.සී.ආර්. පරීක්‍ෂාවකට ලක් කිරීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පියවර ගෙන තිබිණ.
 
 එහිදී අහඹු ලෙස පී.සී.ආර්. සාම්පල ලබාගැනීම් අවස්ථා 250 කට අධික ප‍්‍රමාණයක් ලබා ගන්නට කටයුතු කරන බවද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබූ අතර එ් ස`දහා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සියලූම වෛද්‍යවරුන් හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහභාගීව සිටියහ. පොලිසිය පැවසූයේ ඉතා ළාබාල වයසේ තරුණයන් කිසිදු හේතුවක් නොමැතිව නගරයේ ඔබ මොබ ගමන් කරනු දැකගත හැකිවූ බවත්, ඔවුන්ට පී.සී.ආර්. සාම්පල ලබා ගැනීම පමණක් නොව නඩු පැවරීමටද කටයුතු කළ බවත් පොලිසිය පැවසූහ. කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරුන් වන උත්පල සංකල්ප, නිමල් ජයතිලක, ශ්‍යාමා අතපත්තු යන මහත්වරුන්ද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු එම කාර්යාලයේ හෙද සොයුරියද, කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක, චන්න අබේරත්න, මූලස්ථාන ප‍්‍ර.පො.ප. අතුල කරුණාපාල මහතා ඇතුළු කුලියාපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් නගරයේ තැන තැන ස්ථාන ගතකරමින් අදාළ මෙහෙයුම දියත් කර තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment