ළිං කුහරයක දී තවත් දැරියක් මරුට

443

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරව සිටි තවත් කුඩා දැරියක් මියගොස් තිබේ.පසුගිය අඟහරුවාදා පස්වරුවේ වයස අවුරුදු දෙකහමාරක් වු කුඩා දැරියක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මුන්ගාවලී ප්‍රදේශයේ අඩි 300ක් පමණ ගැඹුරින් යුත් ළිං කුහරයකට ඇද වැටී ඇත.දැරිය මුදා ගැනීම සඳහා පැය 52කට අධික කාලයක් මෙහෙයුම් සිදුකර තිබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 08 වැනිදා පස්වරුවේ දැරිය ළිං කුහරයෙන් ගොඩ ගෙන රෝහල් ගත කිරීමට පියවර ගතකර තිබුන ද ඒ වන විටත් ඇය මිය ගොස් තිබූ බව වාර්තා විය.භාවිතයට ගැනීමෙන් පසු නිසි පරිදි වසා නොදැමීම හේතුවෙන් අනාරක්ෂිත ලෙස පවතින මෙවැනි ළිං කුහර තුළට ඇද වැටී කුඩා දරුවන් මියයෑමේ සිදුවීම් ඉන්දියාවෙන් බහුලව වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment