ළිඳකින් යුද අවි හමුවේ

90


කිළිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේ ළිදක තිබී යුද අවි විශාල ප්‍රමාණයක් හා පතරොම් දහසකට අධික ප්‍රමාණයක් අද කිළිනොච්චියේ ආරක්ෂක අංශ විසින් ගොඩ ගෙන තිබේ.
ඉඩම් හිමියා සිය ළිද සුද්ධ පවිත්‍ර කිරීමට ගිය අවස්ථාවේදී ගිණි අවියක කොටසක් දැක ඒ පිළිබදව කිළිනොච්චිය පොලීසියට තොරතුරු දැණුම් දී ඇත.
පසුව පොලීසිය එම ළිද නිරීක්ෂණය කොට කිළිනොච්චිය අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත ළිදේ ජලය හිස් කොට බැලීමේදී බැරල් වල දමා ළිද තුළට දමා තිබූ යුද උපකරණ හා පතරොම් තොගය හමු වී තිබේ.
ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලද දේවල් අතර එල්.එම් ගජී * වර්ගයේ ගිණි අවි ඒ.කේ 47 හා ටී – 56 වර්ගයේ ගිණි අවි චාජර්ස් හා ඩෙටනේටර්ස් ද පතරොම්ද විශාල ප්‍රමාණයක් තිබී ඇත.
හමු වී ඇති යුද උපකරණ හා පතරොම් කවරෙකුට අයත් දැයි ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කළ නොහැකි බව කිළිනොච්චිය පොලීසිය සදහන් කළේය.
කිළිනොච්චිය පොලීසිය මෙම අවි තොගය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment