ළිඳට පැන දිවි නසාගත් සිසුවියට කොරෝනා

161

කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ ළිඳකට පැන ඉකුත් 29 දා සියදිවි නසාගත් පාසල් සිසුවියට කොරෝනා ආසාදනය වී ඇති බව සිදුකළ පීසීආර් පරීක්ෂණයකදී සනාථ වී ඇති බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. එච්. එම්. ජේ. කේ. අබේරත්න මහතා පවසයි.

මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ කරුවලගස්වැව ඞී. එස්. සේනානායක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි 15 හැවිරිදි එච්. එම්. සෙහානි සෙව්වන්දි නමැති දැරියටය.

දැරිය ඉගෙනුම ලැබූ පංතියේ සිසු සිසුවියන් කීප දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

තම මව විසින් මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් මිලදී ගෙන දී තිබූ ජංගම දුරකථනයෙන් කරුවලගස්වැව ප‍්‍රදේශයේ තරුණයකු සමග මෙම දැරිය රහසේ පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවත්, එම පේ‍්‍රම සම්බන්ධතාව හේතුවෙන් දැරිය අදාළ තරුණයා සමග දුරකථනයෙන් කථාබහ කිරීමේදී ආරවුලක් ඇතිකර ගෙන තිබූ බවද මේ වනවිට සිදුකළ පරීක්ෂණ වලදී සනාථ වී ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි.

දැරියගේ මව හා පියා ආශ‍්‍රිතයන් ලෙස නම්කර නිවසේ නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment