ළිඳට වැටුණු බෝලය ගැනීමට ගිය 9 හැවිරිදි දරුවා ළිඳට වැටී මරුට

298

මැදිරිගිරිය, කුසුම්පොකුණ ප‍්‍රදේශයේ නව හැවිරිදි පිරිමි දරුවකු අනාරක්ෂිත ළිඳකට වැටී පෙරේදා (27 දා) මියගොස් තිබේ.

බෝලයක් රැගෙන සෙල්ලම් කරමින් සිටියදී බෝලය ළිඳට වැටී ඇත. එය ගැනීමට උත්සාහ කිරීමේදී දරුවා ළිඳට වැටී තිබේ.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක දෙවන දරුවා ලෙස උපන් ඔහු පාසලේ හතරවැනි වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.

මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. එල්. විතානගේ මහතාගේ උපදෙස් මත සැරයන් හේරත් (20875) කොස්තාපල් නිමල් යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කළහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment