ළිඳේ වැටී මියගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු කොටස් රහසක් කියයි

1888

යාපනය වඩමාරච්චි පුලොලීසිංගනගර් ප්‍රදේශයේදී දීපාවලී උත්සවය සමරමින් සිටි තරුණයන් දෙදෙනකු ළිඳට වැටී මිය යෑමේ සිද්ධියට අදාළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය 25 දා පවත්වා තිබේ.

එහිදී අදාළ තරුණයන් දෙදෙනා දියේ ගිලීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණයවී ඇති අතර ඔවුන්ගේ සිරුරුවලින් ලබාගත් කොටස් පරීක්ෂා කිරීමේදී ඔවුන් මත්පැන් හා අයිස් මත්ද්‍රව්‍ය පානය කොට තිබූ බවද මෙහිදී අනාවරණයවී තිබේ.

ඒ අනුව මෙම මෘත දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පේදුරුතුඩුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. වාසුදේවා මහතා විසින් සිදු කරන ලදී.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්


 

advertistmentadvertistment
advertistmentadvertistment