ළිඳ හාරද්දී කළුගලක් ගැලවිලා: ළිඳට වැටුණු පුද්ගලයා හුස්ම හිරවීමෙන් මරුට

177

තම ගෙවත්තේ ළිඳක් හෑරීම සිදු කරන අවස්ථාවේ අනපේක්‍ෂිත අන්දමින් එම ස්ථානයේ ඔහුගේ හිසට උඩින් තිබූ විශාල කලු ගලක් ගැලවී යෑම හේතුවෙන් ළිඳ තුළටම එම පුද්ගලයා වැටී මියගොස් ඇත.

ප‍්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ඔහු ළිඳ තුළින් ගොඩ ගත්තද, හුස්ම හිරවීම නිසා මෙම මරණය සිදුව ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ පොල්ගහවෙල, උඩපොල, සපුමල් බණ්ඩාර දේවාලයේ යාබද නිවසේ පදිංචි විසිහය හැවිරිදි පුද්ගලයෙකි.

එම ස්ථානය නිධන් බහුල තැනක් බවත්, වැරැුදි කි‍්‍රයාවක් සිිදු කිරීමට ගත් උත්සාහයක් යම්කිසි ආදෘශ්‍යමාන බලවේගයක් විසින් මෙය වළක්වා ඇති බව ප‍්‍රදේශවාසීන්ගේ මතයයි. පොල්ගහවෙල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

පොල්ගහවෙල – අනිල් සුදසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment