ෆයිසර් එන්නත්කරණය යුද හමුදාවට පවරයි

147

‘ෆයිසර්’ එන්නත්කරණ කටයුතු යුද හමුදාවට පවරා තිබේ.

 මෙම එන්නත ලබාදීමේදී විවිධ ප‍්‍රදේශවලින් වාර්තාවී ඇති අකටයුතුකම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව රජය මෙම පියවරට එළැඹ ඇති බව වාර්තා වෙයි.

 ඒ අනුව මින් ඉදිරියට ෆයිසර් එන්නත නිසි ක‍්‍රමවේදයකින් යුතුව ලබාදීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙයි.

 මේ වන විට ෆයිසර් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 4 ක් පමණ මෙරටට ආනයනය කර ඇත.

 මේ අතර ඊයේ දිනයේදී කොවිඞ් ආසාදිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ 2204 දෙනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 357,598 කි.

 ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 4612 ක් වාර්තා විය.

 ඊයේ වාර්තා වූ කොවිඞ් මරණ 192ත් සමග මේ දක්වා මෙරට සමස්ත කොවිඞ් මරණ ගණන 8775 කි.

advertistmentadvertistment
advertistmentadvertistment