‘ෆයිසර්’ එන්නත් මාත‍්‍රා ලක්ෂ 15 ක් දිවයිනට

74

එන්නත්කරණ වැඩසටහන යටතේ ශ‍්‍රී ලාංකිකයන් වෙත තෙවන එන්නත් මාත‍්‍රාව ලෙස ලබාදීම සඳහා ඇමෙරිකාවේ ‘‘ෆයිසර්’’එන්නත් මාත‍්‍රා ලක්ෂ 15 ක් 22 දින අලූ‍යම කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන විත් තිබේ.

ඒ අනුව කිලෝග‍්‍රෑම් 5,055 ක් බරැුති මෙම එන්නත් තොගය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබිණි. ඉන්පසුව මෙම එන්නත් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.648 දරන භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන විත් තිබිණි.

මෙම ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන්තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමෙන් පසුව, ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැුගෙන යෑමට පියවර ගෙන තිබිණි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment