ෆයිසර් එන්නත්  ලක්‍ෂ 80 ක් මකර කටේ

171

කොවිඩ් 19 වෛරස රෝගය පාලනය සඳහා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් ලක්ෂ 80 ක පමණ තොගයක් ලබන ජූලි මස අවසානයේදී කල් ඉකුත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

 මේ වන විට මෙරට ජනතාව තුළ කොවිඩ් පාලන එන්නත් ලබා ගැනීමට ඇති උනන්දුව අඩුවීම සහ කොවිඩ් සම්බන්ධයෙන් පවතින අවදානම අඩුවීම මෙලෙස විශාල ලෙස එන්නත් ඉතිරිවීමට හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 මෙම තත්ත්වය මත අදාළ ෆයිසර් එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානය හරරහා එන්නත් අවශ්‍ය රටකට පරිත්‍යාග කිරීම හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් ද ෆයිසර් සමාගම සමඟ සාකච්ඡා කර ඒනනත්වල කල් ඉකුත්වීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධව ද අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 මීට පෙර එම සමාගම එවැනි දීර්ඝ කිරීම් සිදුකර ඇති බැවින් ඒ අනුව කාලය දික්කිරීමේ ක්‍රියාපටිපාටියකට යොමු වීම කෙරෙහි ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.

 මේ වන විට කොවිඩ් පාලනය සඳහා සිව්වැනි මාත්‍රාව ලබාදීම ද සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment