ෆයිසර් එන්නත් ලබාදීමේදී ප‍්‍රමුඛත්වය දුන්නේ ධනවත් රටවල්වලටයි – ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල්

158

කොරෝනා මර්දන එන්නත් විශාල තොගයක් ධනවත් රටවලට යැවීමට ෆයිසර් සමාගම ක‍්‍රියාකර ඇතැයි ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය චෝදනාකර ඇත. මේ වසර තුළ ෆයිසර් සමාගම කොවිඞ් – 19 එන්නත් අලෙවියෙන් ඩොලර් බිලියන 33.5ක ආදායමක් අපේක්‍ෂාකර තිබේ. ලොව සියලූ රටවල්වලට කඩිනමින් එන්නත් ලබාදිය යුතු වූවත් ෆයිසර් සමාගම ධනවත් රටවල්වලට ප‍්‍රමුඛත්වය ලබාදී ඇති බවත් ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ මානව හිමිකම් ප‍්‍රධානී පැට්‍්‍රක්් විල්කන් කියා සිටියි. මේ අතර ෆයිසර් සමාගම පැවසුවේ ඉදිරි මාස 18 තුළ මාත‍්‍රා බිලියන 2 ක් අඩුආදායම් ඇති රටවලට ලබාදෙන බවයි.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment