ෆයිසර් එන්නතේ ප‍්‍රතිශක්තිකරණය මාස දෙකකට පසු වෙනස් වේ

1050

කොරෝනා ආසාදනය වැලඳුනද දරුණු සංකුලතා මතු වීම, රෝහල්ගතවීම හා මරණයට පත් වීම වැළක්වීම සඳහා ශක්තිමත් ප‍්‍රතිශක්තිකරණයක් ලබා දෙන බවට අනාවරණය වී ඇති ‘ෆයිසර්’ කොරෝනා මර්දන එන්නතේ මාත‍්‍රා දෙකම ලබා දීමෙන් පසු ලැබෙන ප‍්‍රතිශක්තිකරණය මාස දෙකක කාලයකට පසු පහළ බසින බව ඊශ‍්‍රායලයේ හා කටාරයේ සිදු කරන ලද නවතම අධ්‍යයන දෙකකදී අනාවරණය කරගෙන තිබේ.

 ‘නිව් එංග්ලන්ඞ් ජර්නල් ඔෆ් මෙඩිසින්’ සඟරාවේ පළ කර ඇති මෙම අධ්‍යයන වාර්තාවලට අනුව කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් අයද තවදුරටත් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර තිබේ. ඊශ‍්‍රායලය විසින් ‘ෆයිසර්’ එන්නත පිළිබඳව සිය අධ්‍යයනය පවත්වා ඇත්තේ සෞඛ්‍ය සේවකයන් 4800ක් පමණ දෙනා යොදාගෙන වන අතර එම එන්නතේ මාත‍්‍රාවන් දෙකම ලබා ගත් සෞඛ්‍ය සේවකයන්ගේ ශරීර තුළ නිපදවී ඇති ප‍්‍රතිදේහ ප‍්‍රමාණය මාස දෙකක කාලයකට පසු ක‍්‍රමයෙන් පහළ බසින බව එහිදී පෙනී ගොස් තිබේ. මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබී ඇත්තේ පිරිමින් හා ප‍්‍රතිශක්තිය දුර්වල මට්ටමක පවතින වයස අවුරුදු 65ට වැඩි අය අතරේය. කටාරයේ සිදු කරන ලද අධ්‍යයනයේදීද හෙළි වී ඇත්තේ ෆයිසර් එන්නතේ මුල් මාත‍්‍රාව ලබා ගත් පසු ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය ශීඝ‍්‍රයෙන් ඉහළ ගියද දෙවැනි මාත‍්‍රාව ලබා ගත් පසු ප‍්‍රතිශක්තිය ක‍්‍රමයෙන් පහළ බසින බවයි.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment