ෆයිසර් දෙන තැනට ඇමැති ජිවන් රිංගලා

688

තලවකැලේ සුමන මහා විද්‍යාලයේදී අවුරුදු 16 – 19 වයස් කාණ්ඩවල පාසල් සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත ලබාදීමේදී තම බල ප‍්‍රදේශයෙන් පිටත එම වයස් කාණ්ඩවල පසුවන සිසුන් 210 දෙනකුට ද ෆයිසර් එන්නත ලබාදීමට සිදු වූ බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා පැවසීය.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප‍්‍රදේශයට අයත් තලවකැලේ ප‍්‍රදේශයේ පාසල් 08 ක සිසුන් 1160 දෙනකුට ඊයේ (28දා) ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර තිබූ බවත්, ඒ අනුව තලවකැලේ සුමන විද්‍යාලයේ එන්නත්කරණ මධ්‍යස්ථානය වෙතට සිසුන් නිල ඇ`දුමින් සැරසී පැමිණි බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

ෆයිසර් දෙන තැනට  ඇමැති ජිවන් රිංගලා

පාසල හැර ගිය සහ තම බල ප‍්‍රදේශයෙන් පිට පදිංචි එම වයස් කාණ්ඩවල පසුවන විශාල පිරිසක් සිවිල් ඇදුමින් සැරසී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි පිරිසක් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණ තමන්ටත් එම එන්නත ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවත්, අනන්‍යතාව තහවුරු කරන තෙක් එම පිරිසට එන්නත් ලබාදීම මදක් ප‍්‍රමාද කළ නිසා ඒ පිළිබදව එම පිරිස විසින් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා වෙත දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියයි. ඒ අනුව එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා තමන් සමග සාකච්ඡා කර සිවිල් ඇ`දුමින් සැරසී සිටින එම වයස් කාණ්ඩවල පසුවන 210 දෙනකුට ෆයිසර් එන්නත ලබා ගත් බවත්, ඊයේ දිනය තුළ තලවකැලේ සුමන විද්‍යාලයේදි ෆයිසර් එන්නත් 1370 ක් එන්නත් කළ බවත් වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා පැවසීය.

පාසල් සිසුන්ට එන්නත් කිරීම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමේදී පාසල්වල, විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ තහවුරුතාවක් අවශ්‍ය බවත්, මේ දිනවල ගුරු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් පාසල්වලින් එම සහයෝගය තමන්ට නොලැබෙන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment