ෆ්‍රයිඩ් රයිස් කා මියගිය සිවිල් ආරක්‍ෂකගේ මරණය අභිරහසක්

661

රයිස් එකක් කෑමෙන් පසු ඉකුත් 15 දා අභිරහස් ලෙස මියගිය බව කියන දෙහිඅත්තකණ්ඩිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ නාගස්වැව පදිංචි ඊ. ජී. ධනුෂ්ක සමන් කුමාර (30) නමැති නිලධාරියාගේ මරණයස ම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහෙස්ත්‍රාත් අනුරුද්ධ යාපා බණ්ඩාර විසින් විවෘත තීන්දුවක් ලබා දෙමින් පොලොන්නරුව විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමුකර වාර්තාවක් දෙහිඅත්තකණ්ඩිය අධිකරණයට කඩිනමින් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

සිද්ධියෙන් මියගිය සිවිල් ආරක්ෂක නිලධාරියා රයිස් එකක් කෑමෙන් පසු නිවසට පැමිණ බඩේ කැක්කුම සහ වමනය යන බව පියාට පැවසීමෙන් පසුව නිවස ඉදිරිපිටදී ඉකුත් 15 වෙනිදා මියගොස් ඇත.

සෑම දෙනාගේම සිත් දිනා ගනිමින් රාජකාරි ඉටුකළ මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා පිළිබඳව හිත මිතුරන් සහ ප්‍රදේශවාසීන් ශෝකයට පත්ව සිටිති.
දෙහිඅත්තකණ්ඩියේ – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment