ෆ්ලවර් සහ සහායකයෙක් පොසිටිව් කී‍්‍රඩකයින් නෙගටිව්

137

කුෂාන් සුබසිංහ

එංගලන්ත තරග සංචාරයට සහභාගි වී පැමිණ නිරෝධායනය වෙමින් සිටි කිසිදු කි‍්‍රකට් කී‍්‍රඩකයකුට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව දෙවැනි වරටත් පෙරේදා (08 වැනිදා* සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලින් ඊයේ (09 වැනිදා* තහවුරු වී ඇත.

කි‍්‍රකට් කී‍්‍රඩකයන් පෙරේදා හදිසි පී. සී. ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කරන ලද්දේ කි‍්‍රකට් කණ්ඩායම සමග නිරෝධායනය වෙමින් සිටි පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් මහතාට කොවිඞ් ආසාදනය වී ඇති බවට වාර්තා වීමෙන් පසුවය. කී‍්‍රඩකයින්, නිලධාරීන් සහ සහාය කාර්ය මණ්ඩලය ඇතුළු 32 දෙනකුගෙන් යුත් පිරිසක් එංගලන්ත සංචාරයෙන් අනතුරුව නිරෝධායනය වෙමින් සිටි අතර ඊට පෙර සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණවලින් ඒ කිසිදු අයකු කොවිඞ් ආසාදිත බවට තහවුරු නොවිණි. කෙසේ වෙතත් පෙරේදා දිනයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් දෙවැනි පී. සී. ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කළ පිතිකරණ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් මහතා කොවිඞ් ආසාදනය වූ බවට වාර්තා වීමෙන් පසු කී‍්‍රඩකයින් සහ සියලූ කාර්ය මණ්ඩලය නැවත පී. සී. ආර්. පරීක්ෂාවක් සඳහා පෙරේදා (08 වැනිදා* යොමු කෙරිණි.

එම පී. සී. ආර්. පරීක්ෂණ වාර්තාවන්ට අනුව කිසිදු කී‍්‍රඩකයකුට කොවිඞ් වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වුව ද කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂණ මහතාට කොවිඞ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ග‍්‍රාන්ට් ෆ්ලවර් මහතා සහ ජී. ටී. නිරෝෂණ මහතා වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීමට යොමු කර ඇත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම එංගලන්ත සංචාරය නිමා කර පසුගිය 07 වැනිදා ‘දිවයින’ට පැමිණි අතර ශී‍්‍ර ලංකාව සමග තරග කළ එංගලන්ත කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිපදෙනකුට සහ එම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනකුට ද කොවිඞ් වෛරසය ආසාදනය වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment