ෆාම් ඔයිල් නිෂ්පාදකයන් දළ දේශීය නිෂ්පාදිතයට බිලියන 11 ක දායකත්වයක් දක්වනවා – ෆාම් තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමය

41

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් බිලියන 11 කට අධික දායකත්වයක් දක්වන බව ෆාම් තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

මින් සියයට 60 ක් පමණ ඔයිල් ෆාම් වගාව තුළින් ලැබෙන අතර ඉතිරි සියයට 40 ෆාම් තෙල් කර්මාන්තයෙන් ලැබෙන බව ද ඔවුන් කියා සිටී.

මේ වනවිට මෙම කර්මාන්තයේ 21,000 කට වැඩි පිරිසක් නිරත වන බවත් එක් සේවකයකුගේ මාසික ආදායම රුපියල් 185,000 ක් පමණ බවත් ඔවුන් කියා සිටී.

ෆාම් ඔයිල් වගාව මගින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ මෙන්ම එමගින් දළ දේශීය නිෂ්පාදිතයට, ග්‍රාමීය සංවර්ධනයට සහ දරිද්‍රතාව තුරන් කිරීමේ උත්සාහයට ලැබෙන දායකත්වය පූර්ණ විශ්ලේෂණයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා ෆාම් තෙල් කර්මාන්ත සංගමයේ පාලන කමිටුවේ හිටපු සාමාජික මහාචාර්ය අසෝක නවවෙල මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉන්දුනිසියාව, මැලේසියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන කිහිපයක ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් 15 කට අධික සංඛ්‍යාවක් විසින් පර්යේෂණ වාර්තාවක් සකස් කර තිබෙන බවත් එය අධ්‍යනය කරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment