ජාත්‍යන්තර මගී ගුවන් ගමන් ආරම්භ කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික ගුවන් සේවය වන ‘ෆිට්ස් එයාර්’ සිය ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 5 වැනිදා සිට ආරම්භ කරනු ඇත.
ගුවන් සමාගමේ ප්‍රථම මගී ගුවන් ගමන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත සිදු කෙරේ. ඩුබායි ඔක්තෝබර් 5 වැනිදාත්, මාලදිවයිනේ මාලේ වෙත ඔක්තෝබර් 10 වැනිදාත්, ඉන්දියාවේ ටි්රචි ඔක්තෝබර් 28 වැනිදාත් ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇත. මෙය අඩු වියදම් ගුවන් සේවයක් වනු ඇත.
චතුර පමුණුව